tgte logo5 The Pearl Dream Inc

දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුවේ (TGTE) පාර්ලිමේන්තු රැස්වීම ඇමරිකාවේදී පැවැත්වේ

NEW YORK CITY, UNITED STATES, May 17, 2023/EINPresswire.com/ — දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුවේ (TGTE) තුන්වැනි පාර්ලිමේන්තුවේ, නවවැනි පුද්ගල රැස්වීම එළඹෙන මැයි 19 සිට 21 වැනිදා දක්වා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේදී පැවැත්වෙන බව TGTE නිවේදනය කරයි.

මෙහි ප්‍රධාන දේශනය බෝගන්විලේ ස්වයං පාලන කලාපයේ හිටපු ජනාධිපති ගරු. ජේම්ස් ටැනිස් විසින් සිදුකිරීමට නියමිතය. එමෙන්ම, ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන් කිහිපදෙනෙකු ද මැයි 19 වන දින පැවැත්වෙන පාර්ලිමේන්තුවේ ආරම්භක සැසිවාරය ඇමතීමට නියමිතය.

සජීවිව නරඹන්න පිවිසෙන්න –

ලොව පුරා සිටින TGTE පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා TGTE සෙනෙට් සභා සාමාජිකයින්‍, එහි උපදේශක කමිටුව, ආචාරධර්ම කොමිසම හා මැතිවරණ කොමිසම මේ අවස්ථාවට සහභාගී වනු ඇත.

ඉන්දියානු සාගර කලාපය තුළ වර්ධනය වන චීන බලපෑම හා ස්වාධීන හා ස්වෛරී දෙමළ ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීමෙහිලා ගෝලීය දෙමළ ජනතාවගේ කාර්යභාරය ද මෙහිදී සාකච්ඡාවට ලක්වනු ඇත.

දෙමළ ඊළාම් ජනතාවට අතිශයින් වැදගත් වන කරුණු කිහිපයක් මෙහිදී විවාදයට ගැනීමට නියමිතය.

වර්තමාන සන්දර්භය තුළ දෙමළ ජාතික අරගලය හා ඉදිරි වසර කීපය තුළදී එහි ප්‍රමුඛතාව ලබාදෙන කරුණු පිළිබඳ සාකච්ඡා මෙහිදී සිදුකිරීමට අපේක්ෂිතය‍. ක්‍රියාකාරී කණ්ඩායම් විසින් පහත තේමාවන් සාකච්ඡාවට බඳුන් කෙරෙනු ඇත.

1. ඉන්දියානු සාගර කලාපය තුළ චීන බලපෑම වර්ධනය වීම.
2. ස්වාධීන හා ස්වෛරී දෙමළ ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීමෙහිලා ගෝලීය දෙමළ ජනතාවගේ භූමිකාව.
3. ‘ජනමත විචාරණය – ජනතා ව්‍යාපාරයට‘ එකඟතාව පළකිරීම.
4. ජාතිය ගොඩනැගීම.
ඒ අතරට ඇතුළත්ය.

මීට අමතරව මෙම රැස්වීමේදී යෝජනා ගණනාවක් සම්මත කරගැනීමට අපේක්ෂිත අතර අමාත්‍ය මණ්ඩලයේ වාර්තා මෙන්ම TGTE හි වාර්ෂික අයවැය ද මෙම පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කෙරෙනු ඇත.

TGTE Parliament Meets in New York from May 19th to 21st. Focus – Growing Chinese Influence in the Indian Ocean.
https://www.einpresswire.com/article/633907651/tgte-parliament-meets-in-new-york-from-may-19th-to-21st-focus-growing-chinese-influence-in-the-indian-ocean

* දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව (TGTE) පිළිබඳ – Transnational Government of Tamil Eelam (TGTE)

දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව (TGTE) යනු ලොවපුරා රටවල් කිහිපයක වෙසෙන මිලියනයකට අධික (ශ්‍රී ලංකා දිවයිනේ) දෙමළ ජාතිකයින් විසින්ප්‍ රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ රජයකි. ශ්‍රී ලංකා රජය විසින් 2009 දී දෙමළ ජනතාව සමූහ වශයෙන් ඝාතනය කිරීමෙන් පසුව TGTE පිහිටුවන ලදී.

TGTE විසින් තුන් වතාවක් ජාත්‍යන්තරව අධීක්ෂණය කරන ලද මැතිවරණය ලොවපුරා දෙමළ ජනතාව අතර පැවැත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 135 දෙනෙකු තෝරාපත් කරගැනීම මෙහිදී සිදුවෙයි. මෙම පාර්ලිමේන්තුවේ සභ‍ා දෙකක් ඇති අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, සෙනෙට් සභාව හා කැබිනට්ම ණ්ඩලයෙන් එය සමන්විත වේ. TGTE ප්‍රජාතන්ත්‍රවාදී හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමේ ව්‍යාපාරයක් මෙහෙයවන අතර එහි ව්‍යවස්ථාව මගින් මෙහි දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගත යුත්තේ සාමකාමී මාර්ගවලින් පමණක් දැඩිව විශ්වාස කරයි. එය ජාතිකත්වය, නිජබිම හා ස්වයං නිර්ණය යන මූලධර්ම මත පදනම් වේ.

TGTE උත්සහ කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීමෙන් යුතුව යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ දෙමළ ජනතාවට එරෙහි සමූලඝාතන සිදුකළ අපරාධකරුවන්ට නිසි දඬුවම් පැමිණවීමටයි. දෙමළ ජනතාවගේ දේශපාලන

අනාගතය තීරණය කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව TGTE අවධාරණය කරයි.

TGTE හි අග්‍රාමාත්‍යවරයා වන්නේ නිව්යෝර්ක්හි නීතිඥවරයෙකු වන විශ්වනාදන්රු ද්‍රකුමාරන් මහතාය.

ට්වීටර් – @TGTE_PMO
ඊමේල් – pmo@tgte.org
වෙබ් අඩවිය – www.tgte-us.org / www.tgte.org

Transnational Government of Tamil Eelam
TGTE
+ 16142023377
r.thave@tgte.org
Visit us on social media:
Facebook
Twitter
Instagram

article The Pearl Dream Inc

Leave a Reply

Your email address will not be published. Required fields are marked *